මිනිසා ස්වභාවයෙන්ම නිදහස් ය. එය කවුරු කීවත් එසේමය. කිසිවෙකුට තවත් කිසිම අයෙකුට කිසිම ආකාරයකින් අනෙකාගේ නිදහසට බාදා කිරීමට අයිතියක් නැත. එහි දී අයෙක් ට තවත් අයෙක් ට තමාගේ හිතේ ඇති දෑ කීමට නිදහස ඇතත්, ඒ කියන දේ තුල අනෙකාගේ නිදහසට කුඩා පරිමාණයකින් හෝ බාදා නොවිය යුතුය.
මට මෙහි දී විශාල කරුණු පරිමාවක් කීමට නැත. ඒ මන්ද මම විශ්වාස කරන නිදහස මට දැනෙන නිදහසක් නිසාය. එය ඔබට දැනෙන දෙයින් අනිවාර්යෙන්ම වෙනස් ය. ඔබට නිදහස කියා දැනෙන දේ ඔබේ නිදහස යි. එය අනෙකාගේ නිදහස නොවේ. එය අනෙකාගේ නිදහස විය යුතුද නැත. එය එසේ වෙනවා නම් එතන නිදහසක් ද නැත. තමන්ට උවමනා විදිය ට සිටීම තමන් ගේ නිදහසයි. අනෙකාට උවමනා විදියට සිටීම ඔහුගේ නිදහසයි. ඔබට සිතිය හැකිය. ඒ සිතුවිලි අනුව හැසිරෙන ලෙස අනෙකාට පැවසිය හැකිය. නියෝග දිය හැකිය. එය ඔබගේ නිදහසයි. එසේම ඒ ආකාරයට හැසිරීමට තීරණය කිරීම සේම එය නොසලකා සිටීමට අනෙකා තීරණය කිරීම අනෙකාගේ නිදහසයි. එය ඔබ තේරුම් ගත යුතුය.
No comments:
Post a Comment