(මෙම ලිපිය මා විසින් පුද්ගලිකව අත් දකින ලද සිදුවීමක් මුල් කොට ගෙන ලියා ඇත)
පාදක වූ සිදුවීම
පසුගිය දිනක ම රාත්‍රී 12.20 (අලුයම 00.20) ට පමණ යතුරු පැදියෙන් ගමනක් ගොස් එනවිට පොලීසිය විසින් මා නතර කරන ලදි. එම මොහොතේ පොලිස් යතුරු පැදියක් පාර හරහට නතරකර තිබූ අතර පොලිස් නිලධාරින් 4 පමණ සහ සිවිල් පුද්ගලයන් 2 පමණ එම ස්ථානයේ සිටියේ ය. මට වම් පසින් වූ ගග උඩින් ඉදිකරන ලද පාලම උඩ (මා සිටි තැනට දකුණු පැත්තට) පාලම මත තවත් පොලිස් නිලධාරියෙක්(ඒ ඇදුම ඇද සිටි නිසා එසේ හැදින්වීය) අඩි 5 ක් පමණ දිග මහත පොල්ලක් අත දරාගෙන සිටියේ ය. මා මාගේ බලපත්‍ර ගනිමින් සිටින අතරතුර මාගේ වම් පසින් යතුරුපැදියකින් තරුණයන් දෙදෙනෙකු පැමිණියේ ය. බයිසිකලය නතර කරන ලෙස මට වම් පසින් සිටි තවත් පොලිස් නිලධාරියෙක් අණ කළ අතර එම තරුණයක් දෙදෙනා නතර නොකර ඉදිරියට ධාවනය කලේ ය. මෙහිදී මට ඉදිරියෙන් පාරේ සිවිල් ඇදුමක් ඇදගත් මෝඩ පුද්ගලයෙක් පොල්ලකින් ඒ තරුණයන්ට පහර දීමට උත්සාහ කලේ ය. එය වැරදුන තැන "ඕකුන්ට ගහපන්" ලෙස ඔහු කෑගැසී ය. එවිටම පාලම මත සිටි පොලිස් නිලධාරියා අත වූ පොල්ලෙන් වැරෙන් පහරක් (දෝත බදා) අර තරුණයන් දෙදෙනාට එල්ල ලේය. එහිදී ඔවුනගේ බයිසිකලයේ පැති කණ්නාඩි බිදී ගිය අතර තරුණයන් දෙදෙනා බේරී පලා ගියේ ය.
වැදගත් - මෙහිදී එම පහර වැදුනා නම් අනිවාර්යෙන් එම තරුණයන් දෙදෙනා එතන වැටී බරපතල තුවාල සිදු වේ. එසේ නැතිනම් ගගට වැටී ගිලී යනු ඇත. එය එසේ සිතීමට මට හැකියාවක් ඇත්තේ එය මා දුටු නිසාය.
මෙහිදී මදක් සිතිය යුතු කාරණා කීපයක් පවතී. මෙහිදී එම තරුණයන් දෙදෙනා තම යතුරු පැදිය නවත්වා ධාවනය නොකිරීම අනුමත කිරීම හෝ නොකිරීම ඔබගේ අභිමතය පරිදි කල හැකිය. මෙහිදී මා සිතන දේ මම ලියමි. මෙම අවස්ථාවේ එම පහරදීම අවස්ථා දෙක කිරීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් නැත. ඒ මන් ද අධිකරණ ක්‍රියාවලියකින් තොරව කිසිම නිදහස් මිනිසෙකුට දඩුවම් කිරීම කල නොහැකිය. ඒ ලංකාවේ මූලික අයිතිවාසිකම් වලින් දක්වන ලද දෙයකි. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලන්න) . ඔවුන ඒ වෙලාවේ කල යුතුව තිබූයේ තමන් පාර හරහට නවත්වා තිබූ තම යතුරු පැදිය (Traffic Bike )(අංකය TL 0708) ගෙන ඔවුන් ලුහු බැදීමය. නමුත් ඒ නිලධාරින් එසේ නොකලේ ය. එම අවස්ථාවේ පාලම මත සිටි නිලධාරියා තම පහර දීමෙන් පසු "සයිඩ් කණ්නාඩි කුඩුයි" කියා මහත් සතුටකින් ඔල්වරසන් දුන්නේ ය. එවිට මා සිටි තැනට ඉදිරියෙන් සිටි සිවිල් පුද්ගලයෙකු "ඔයි ට වඩා දිග පොල්ලක් ගන්න ඕන" යැයි කීවේ ය. එහි දී ඔවුන් තම වගකීම ඉටු කලේ ද?
මෙහිදී මෙම නිලධාරින් ඒ මොහොතේ සැබෑවට ම කරන ලද්දේ වාහන බලපත්‍ර පරීක්ෂා කිරීම නොවන බව මා දරන මතය යි. ඔවුන් එසේ කරන ලද්දේ නම් තම අණ නොතකා ධාවනය කරන ලද යතුරු පැදිය ඇල්ලීමට ඒ පිටු පස යා යුතුය. ඔවුන් එසේ කලේ නැත. ඔවුන් ඒ මොහොතේ පාරේ යන මිනිසුන්ට පොලු වලින් පහර දී තිරිසන් සතුටක් සහ අශාවක් සපුරාගත් මෝඩ පහේ පොලිස්කාරයෝ ටිකක් යන හැගීම ඔවුන් කෙරේ මට දැනේ. ඒ මන්ද එම පහර දීම නිසා සිදුවිය හැකි හානි පිළිබද කිසිදු හැගීමක් ඔවුන් තුල තිබුණ බවක් කිසිවිටෙකත් මට නොපෙනුනි. ඔවුන් එයින් සතුටු වූයේ අප විසින් අදට සාපේක්ෂව දියුණු නොවූ ප්රාග් ඓතිහාසික යුගයේ ප්‍රාක් මානවයා තම අහාරය සහ සතුට පිණිස සතෙකු වදහිංසා කොට මරා දැමීමේ දී ඔවුන් සතුටු වූවා යැයි අප විසින් උපකල්පනය කරන ආකාරයට ය.
තවදුරටත් ඔවුන් පොලීසියේ වගකීම ඉටු නොකරන ලදි
යම් රථයක් පොලීසිය නවත්වන්න කියූ විට නොනවත්වන අවස්ථා කීපයක් ඇත
- රථය පදවන්නන් බීමතින් සිටීම හෝ ඔවුන් සතුව වලංගු රියදුරු බලපත් නොවීම.
- රථය පදවන්නන් යම් අපරාධයක් සිදුකොට පලා යමින් සිටීම.
- පොලිසිය විසින් බොහෝ විට නතර කරන්න කියනුයේ රථය ඔවුන් ළගටම පැමිනුන පසු (ඔන්න මෙන්න කියා) නිසා නතර කිරීමේ සලකුණු නොදැකීම.
මේ අනුව බලන විට ඉහත සදහන් කරන ලද මුල් අවස්ථා දෙකට අනුකූල තත්වයක් එම මොහොතේ සිදු වූවා නම් පොලීසිය තම වගකීම් පැහැර හැර එයින් මහත් සතුටක් මෙම අවස්ථාවේ දී ලබා ඇත.