මුලින්ම කියන්න අවශ්‍ය දේ නම් "සිහිනදකින්නා" කියන නම මගේ ඇත්ත නම නෙමෙයි. ඒත් ඒක එතරම් තැකිය යුත්තක් නොවන බව මගේ හැගීමයි. මොක ද ඇත්තට ම මගේ නම කියල මම දන්න එකත් නමක් විතරයි.
සිහින දකින්නාගේ බ්ලොග් අචවිය පටන් ගන්න ගොඩක් කල් බලාගෙන හිටියා. නොයෙක් වැඩ රාජකාරී නැතත් වැඩ තිබුන නිසා මේක ටික ටික කල් ගියා. ඒත් අද පටන්ගන්නව.
මම කාලෙක ඉදල හීන කීපයක ජීවත් වෙන කෙනෙක්. ඒ හීන මම ළග තියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ඒ නිසා මම අද ඉදන් ඒ හීන ලෝකයත් එක්ක බෙදා ගන්න සූදානම්. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියෙනවා. මේ ලෝකෙ සිද්දවෙන සමහර දේවල් සම්බන්ධයෙන් මගේ විවේචනත් තියෙනවා. ඒව මගෙන් පිට අයට දිරවයි ද නම් දන්නෙ නෑ. ඒත් කියල බලන්න ඕන කියල හිතෙනව මට. මේක කියවන ඔබට මම ලියන සමහර ඒව කල් පැනල කියල හිතෙන්න පුලුවන්. ඒත් කියවල බලන්න කියල මම යෝජනා කරනවා. මේක ලියන බාසාව ටිකක් අමුත්තක් තියෙන එකක් වෙයි. මොක ද මම ටිකක් ව්‍යාකරණ දන්නව අඩුයි. ඒත් මේ කියන ඒව තේරෙනව නම් ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. එහෙනම් සිහින දකින්නාගේ බ්ලොග් එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!
No comments:
Post a Comment