බොන තරමක් කලින් බීලා අවරුද්දට,නත්තලට ජොලියෙ ඉන්න. මේ දැන්වීම ඔබ කොයි කාටත් අවුරුද්දට හෝ නත්තලට හෝ දකින්න ලැබෙන දැන්වීමක්. ඇත්තටම මෙම දැන්වීමේ මතුපිට අර්ථයට වඩා යටින් ඇති තේරුමක් තියෙනව කියල කී දෙනෙක් ට තේරෙනව ද නම් මම දන්නෙ නැහැ.
ඇත්තටම මේ දැන්වීමෙන් කියන්නේ අවුරුද්දට කලින් බීල ඉවර කරන්න කියන එක ද? එහෙමත් නැත්නම් අවුරුද්දට, නත්තලට මත්පැන් බාව්තා නොකර සතුටින් ඉන්න කියන එකද? එහෙමත් හිතන්න පුලුවන් තමා, ඒත් මට හිතෙනව ටිකක් වෙනස් විදියක තේරුමක්.ටිකක් හිතන්න බලන්න.
මුලින්ම මේ දැන්වීමේ ස්වභාවය බලනවිට මේ දැන්වීම නත්තල් කාලෙට හෝ අවුරුදු කාලෙට මගතොටේ දක්නට පුලුවන්. ඒ වගේම මේ දැන්වීම පෝස්ටර් හෝ බැනර් ආකාරයෙන් දක්නට ලැබේ. එසේම මෙහි වැදගත්ම දෙය නම්, මෙම දැන්වීම පලකරන්නේ කවුද යන්න සදහන් කර නොතිබීමයි. ඒ වගේම මුලින්ම තාප්ප වල අලවන පෝස්ටර් මට්ටමේ තිබූ මෙම දැන්වීම, මේ වන විට Digital Print මාධ්‍යයෙන් ඇති දැන්වීම දක්වා වර්ධනය ද වී ඇත. මේ ලක්ෂණ සලකා බලනවිට මතුවන දේ කුමක්ද?
(එසේ මතුවන දේ ලෙස මට සිතෙන දේ දක්වා ඇත.)
නත්තලට කලින් හෝ අවුරුද්දට කලින් බොන්න කියන්නේ ඇයි? අවුරුද්දට කලින් බොන්න නම් අවුරුද්දට කලින් මත්පැන් ගන්න අවශ්‍යතාවයක් මතුවේ. ඒ කියන්නේ මෙය මත්පැන් බොන එක නතර කරන්න කියන දැන්වීමක් වන බවට කෙසේවත් තර්කයක් කල නොහැකි බවයි. ඒ වගේම මෙය මත්පැන් අලෙවි කරන පුද්ගලයන් විසින් තමන්ගේ මත් පැන් ගන්න, කරන නිවේදනයක් බවටත් පැහැදිලි තර්කයක් ගොඩනැගිය හැකිය. මේ අනුව මෙයින් පැහැදිලිවන දෙය නම් අවුරුද්දට හො නත්තලට කලින් මත්පැන් මිලදී ගන්න කියන එක නේද? ඒ මොකද උත්සව වලට මත්පැන් හල් වසන නිසා ය. (එදාටත් මත්පැන් ගන්න පුලුවන් කම වෙනමම කතා කරන්න ඕන දෙයක්). එසේම අද වන විට පෝස්ටරයක් හෝ වෙනත් ආකාරයක දැන්වීමක් පල කිරීමට යන වියදම සලකා බලන විට මෙය සාමාන්‍ය වඩා පුලුල් ව්‍යාප්තියක් නොමැති ආයතනයකට ද සිදු කල නොහැකියත. මෙය මුලු ලංකාව පුරාම වාගේ (මගේ නිරීක්ෂණය අනුව) එක් වරම වාගේ උත්සව කාලෙට දක්නට ලැබෙන දැන්වීමකි. එනිසා මම සිතන ආකාරයට මෙය ලංකාවේ හෝ වේවා කිසියම් මත්පැන් අලෙවි කරන ආයතනයන් මගින්ම පල කරන දැන්වීම් ය. මෙය වැරදි නම් එය ඔනෑම අයෙක්ට පැහැදිලි කරන්න පුලුවන්. එය පිළිගන්න මම සූදානම්.
මත්පැන් අලෙවි කිරීම සදහා ලංකාවේ මාධ්‍ය වලට පනවා ඇති තහනම් වැඩක් නැතිබවත්, එයින් මිදී දැන්වීම් කරනය තවමත් කරන බව මට සිතේ.(මත් පැන් තහනම් කරන්න ඕන කියන තැන මම නැති බව මතක තබාගන්න. ඒත් එසේ සිතන්න අයිතියක් ඔබට ඇත.)
No comments:
Post a Comment